26 October 2011

සුවිශේෂී හැකියාවන් ඇති ළමයි!

Kim Ung-Yong

1962 මර්තු 8 වෙනිද දකුණු කොරියාවේදී ඉපදුණු කිම්. වයස මාස 4දී කතා කරන්න පටන් අරන්. වයස අවුරුදු 2දී හොදට කොරියන්, ජැපනීස්, ජර්මන්, ඉන්ග්ලිෂ් කතා කරන්න පුලුවන්ලු!එයාට ඕනෙම විදෙශ භාශාවක් ඉගෙන ගන්න ගියේ මාසයක් විතරයිලු!

අවුරුදු 3 වෙන්න කලින් එයාට අවකළණය හා අනුකළණය පුලුවන් වෙලා.
එයාගෙ මේ විශේෂ හැකියාවන් නිසාම වයස අවුරුදු 4දී 'හන්ග්යන්ග්' විශ්ව විද්යාලයට ඇතුල් කරගෙන! 1970දී ඇමෙරිකාවෙ නාසා එකෙන් එයාව ඇමෙරිකාවට ගෙන්නගෙන තියෙනවා. ඇමෙරිකාවෙදී භව්තික විද්යා අන්ශයෙන් උපාධිය සම්පූර්ණ කර ගත්තු මෙයා කාලයක් නාසා එකට වැඩ කරලා පස්සෙ 1978දී ආපහු කොරියාව ගිහින්.
වයස අවුරුදු 15දී PHD එකත් සම්පූර්ණ කරගෙන.
පස්සෙ කාලෙක එයාට සිවිල් ඉන්ජිනේරු අන්ශයට මාරු වෙලා පස්සෙ එයා ඒ අන්ශයෙනුත් ආචාර්ය උපාධියක් අරන්.
ගිනස් වාර්ථා පොතට අනුව දනට ලෝකයේ වාර්තා වෙලා තියෙන උපරිම IQ මට්ටමක් ඇති පුද්ගලයා මෙයයි! (210ක්)
මෙයා ගැන වැඩිදුර තොරතුරු සදහා මෙ ලින්ක් එකට යන්න.





Akrit Jaswal


1993 අප්‍රේල් 23 වෙනිදා ඉන්දියාවෙදී ඉපදුණු මෙයා සාමාන්ය ළමයින්ට වඩා කලින් ඇවිදින්න පටන් අරන්. මාස 10දී කථා කරන්න පටන් අරන්. අවුරුදු 5දී ශේක්ශ්පියර්ගේ පොත් කියවලා.
මෙයා වෛද්ය විද්යාවට ඇලුම කරන්න පටන් අරන් තියෙන්නෙත් පොඩි කාලෙමයි.
මෙයාගෙ මේ විශේෂ හෙකියාවන් නිසා වයස 6දී වෛද්යවරු ශල්යකර්ම කරනකොට මෙයාට බලාගෙන ඉන්න ඉඩ දීලා තියෙනවා.

වෛද්ය විද්යාවට අදාල පොත් රාශියක් වෙයා ඒ කාලෙදිම කියවලා.
මෙයාට වයස අවුරුදු 7දී ඒ පැත්තෙ හිටිය තරමක් දුප්පත් පවුලක වයස අවුරුදු 8ක ගැනු ළමයෙකුගේ අතක් හොදටම පිච්චිලා, ඇගිලි ඔක්කොම එකට ඇලිලා හොලව ගන්නවත් බැරි වෙලා තියෙනවා. ඒ වන තෙක් කිසිදාක විශ්ව විද්යාලයකට ගිහින් නොතිබුන මෙයා ඒ ශල්යකර්මය කරන්න බාරගෙන. කොහොමහරි වඩේ හරියටම කරලා. දෙන් අර ගැණු ළමයට ඇගිලි හොදට හසුරුවන්න පුලුවන්.

පන්ජාබ් විශ්ව විද්යාලයට BSc උපාධියට ඇතුල් කර ගත්ත මෙයා දැනට එයාගෙ ආචාර්ය උපාධිය හදාරනවා.
බිලියනයකට වඩා ජනගහනයක් ඇති ඉන්දියාවෙ උපරිම IQ මට්ටමක් ඇත්තෙර් මෙයාටලු! (146ක්)
මෙයා ගැන වැඩි විස්තර සදහා මේ ලින්ක් වලට යන්න. 


http://www.mymultiplesclerosis.co.uk/misc/akritjaswal.html
http://en.wikipedia.org/wiki/Akrit_Jaswal





ප. ලි: තවත් මේ වගේ අසාමාන්ය හැකියාවන් ඇති පුද්ගලයින් ගැන විස්තර යථා කාලයේ තථා යෝගයෙන් බලාපොරොත්තු වන්න!

No comments:

Post a Comment